අපගේ බලාපොරොත්තුව 1-ශ්‍රේණියේ සිට අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සියලුම විෂයන් සදහා මේ ආකාරයට ඔබගේ පරිගණකය, ජංගම දුරකථනය හෝ ටැබ් ඒක භාවිතා කර ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලබා දීමට හුරු කිරීමයි.
අපේ දූ පුතුන් ,
වේගයෙන් දියුණුවන ලෝකය තුල...
නවීන තාක්ෂණය සමඟ සබැඳිව...
අනාගත ලෝකයට අනුගත...
අභියෝග ඉදිරියේ නොසැලෙන...
අධ්‍යාපනයේ හිණිපෙත්ත වෙත ගමන්කරන...
ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස බිහි
කිරීමයි...
පළමු ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසු දරුවන් පාසල් අධ්‍යාපනය තුළින් ලබන්නා වූ විෂය දැනුම නැවත ආවර්ජනය කරමින් සහ යාවත්කාලීන කරමින් දැනුමෙන් සන්නද්ධ ශිෂ්‍ය පරපුරක් බිහි කිරීමට අප ප්රයත්න දරන්නෙමු.
විෂයානුබද්ධ දැනුම නවීන තාක්ෂණය උපයෝගී කරගෙන කුතුහලයකින් යුතුව ඉගෙන ගන්නටත් තරඟකාරී විභාගවලට පෙරහුරුවක් ලබා දෙන්නටත් අපි බලාපොරොත්තු වෙමු. අපගේ වැඩසටහන් සමඟ අත්වැල් බැඳ ගන්නා ඔබ ජයග්‍රාහී සිසුවෙකු ලෙස අනාගත ලෝකය ජය ගැනීම අපගේ පරම විශ්වාසයයි.